Sunday, December 20, 2020

භෞතික විද්‍යාවේ මූලධර්ම

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ භෞතික විද්‍යාව සම්බන්ධ පාඩම් කොටස් මෙම බ්ලොග් පිටුවේ අඩංගුවේ. පාඩම් කොටස් හොඳින් අධ්‍යයනය කොට ඔබගේ අපොස උසස් පෙළ විභාගය හොඳින් සමත් වේ යයි සිතමි. භෞතික විද්‍යා විෂය නිර්දේශය පාඩම් 11 කින් සමන්විතයි. පහත ආකාර වේ. ඒකකය 01 - මිනුම ඒකකය 02 - යාන්ත්‍ර විද්‍යාව ඒකකය 03 - දෝලන හා තරංග ඒකකය 04 - තාප භෞතිකය ඒකකය 05 - ගුරුත්වජ ක්ෂේත්‍ර ඒකකය 06 - ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර ඒකකය 07 - චුම්බක ක්ෂේත්‍ර ඒකකය 08 - ධාරා විද්යුතය ඒකකය 09 - ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඒකකය 10 - පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ඒකකය 11 - පදාර්ථ හා විකිරණ

Sunday, February 7, 2016

උපගුණාකාර හා  ගුණාකාර

උපගුණාකාර                           ගුණාකාර
d  -  10-1                                       k  -  103
c  -  10-2                                       M  -  106
m  -  10-3                                     G  -  109
µ  -  10-6                                      T  -  1012
n  -  10-9
p  -  10-12


ඔබටත් මෙවැනි ගැටළු තිබේද?

1.උපගුණාකාර සියල්ලම පාහේ ඉංග්‍රීසි Simple අකුරු වුවද, µ එසේ නොවූයේ ඇයි?
Micro යන්නට m අකුර යෙදිය නොහැක. එය mili යන්නට යොදා ඇත.

2. ගුණාකාර සියල්ලම පාහේ ඉංග්‍රීසි Capital අකුරු වුවද, k එසේ නොවූයේ ඇයි?
Kilo යන්නට K යෙදිය නොහැක. එය කෙල්වින් යන්නට යොදා ඇත.


ගුණාකාර හා උපගුණාකාර යෙදීම
ගුණාකාර ‍හෝ උපගුණාකාර ඒකකයකට මුලින් යෙදිය යුතුය. එක් ඒකකයකට පෙර යෙදිය හැක්කේ ගුණාකාර ‍හෝ උපගුණාකාර එකක් පමණි.

mm  -  මිලි මීටර
ms-1  -  මිලි තත්පරයට
m s-1  -  තත්පරයට මීටර

දන්න දේවල් හරියටම දැනගන්න අප හා එක්වන්න.
පරිපූරක භෞතික රාශි

තල කෝණය  -  රේඩියන්  -  rad
ඝන කෝණය  -  ස්ටෙරේඩියන්  -  sr

1. තල කෝණය  හා ඝන කෝණය  අතර වෙනස මොකද්ද?
තල කෝණය යනු එකම තලයේ පවතින එකිනෙක ඡෙදනය වන සරල රේඛා 2ක් අතර කෝණයයි. නමුත් ඝන කෝණය පවතින්නේ ත්‍රිමාණ අවකාශයක් තුලය.

2. ස්ටෙරේඩියන් “Sr” මෙහෙම ලියුවොත් වැරදිද?
වැරදියි. “Sr”ලෙස ලියුවොත් ඒ ස්ට්‍රොන්චියම් යන මුලද්‍රව්‍යයයි. ඒ නිසා ලිවිය යුත්තේ “sr” ලෙසයි.

3.රේඩියන් එකක් කියන්නෙ මොකද්ද?
වෘත්තයක අරයට සමාන දිගක් පරිධිය මත සලකුණු කල විට එමගින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණයයි.


4. ස්ටෙරේඩියන් එකක් කියන්නෙ මොකද්ද?
ගෝලයක අරයට සමාන පාදයක දිගක් සහිත සමචතුරස්‍රයක් ගෝල පෘෂ්ටය මත සලකුණු කල විට එමගින් ගෝල කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණයයි.

දන්න දේවල් හරියටම දැනගන්න අප හා එක්වන්න.
මිනුමක් යනු කුමක්ද?
විශාලත්වයක් හා ඒකකයක් පවතින ඕනෑම භෞතික රාශියකි.

භෞතික රාශි

මූලික භෞතික රාශි
දිග  -  මීටර  -  m                               
කාලය  -  තත්පර  -  s                        
ස්කනධය  -  කිලෝග්රෑම්  -  kg
තාප ගතික උෂ්ණත්වය  -  කෙල්වින්  -  K
විද්‍යුත් ධාරාව  -  ඇම්පියර්  -  A
ද්‍රව්‍ය ප්‍රමාණය  -  මවුල  -  mol
දීප්ත තීව්‍රතාවය  -  කැන්ඩෙලා  -  cd

ඔබටත් මෙවැනි ගැටළු තිබේද?
1.A හා K විතරක් Capital උනේ ඇයි?
A යන්නෙන් කියැවෙන්නේ ඇම්පියර් යන විද්‍යාඥයාගේ නමයි. K යන්නෙන් කියැවෙන්නේ කෙල්වින් සාමිවරයාගේ නමයි. SI ඒකක ක්‍රමයේදී යම් පුද්ගලයෙකුගේ නමක් ඒකකය ලෙස යෙදෙන විට එහි මුල් අකුර Capital කල යුතුය.
උදා: පැස්කල් - Pa

2.කිලෝග්රෑම්(kg) වලට විතරක් මුලට උපසර්ගයක්(kilo-k) දැම්මෙ ඇයි?
SI ඒකක ක්‍රමයේ දී සෑම භෞතික රාශියක්ම අප නිතර බහුලව භාවිත කරන ඒකක වලින් යුක්ත විය යුතු යැයි මතයක් ඇති විය. එම නිසා ස්කන්ධ මැනීමට g ගත යුතුව තිබුන ද වඩාත් බහුලව භාවිත වන kg යොදා ගැනිනි.

3.කැන්ඩෙලා “Cd” මෙහෙම ලිව්වොත් වැරදිද?
වැරදියි. “Cd”ලෙස ලියුවොත් ඒ කැඩ්මියම් යන මුලද්‍රව්‍යයයි. ඒ නිසා ලිවිය යුත්තේ “cd” ලෙසයි.

4.මේවා මූලික උනාට කෝණ මනින්න ක්‍රමයක් නැහැ නේද?

කථාව ඇත්ත. ඒක තේරෙනකොට නැව ගිහිල්ල. ඒ අඩුව පරිපූර්ණය කරන්න පරිපූරක භෞතික රාශි ලෙස හෞතික රාශි 2ක් ඉදිරිපත් වුනා.


දන්න දේවල් හරියටම දැනගන්න අප හා එක්වන්න.

විශ්වයේ කථාව............

විශ්වය කියන්නට තවමත් හරියට පැහැදිලි කිරීමක් නැහැ. එසේම හොයාගෙන තියෙන්නෙත් බොහොම පොඩ්ඩයි.
දැනට ලොකයේ පවතින මත වලින් ඉහලම මතය වන්නේ විශ්වයේ ඇති සියල්ලම කරුණු
(Information) බවයි. කරුණු එකට එකතු වී කුඩාම අංශු සෑදෙන බවයි. එම අංශු එකතු වී විශාල අංශු සෑදෙන බවයි. එම අංශු එකතු වී අකාබනික සංයෝග සෑදේ. ඒවායින් කාබනික සංයෝග සෑදේ. ඒවායින් සෛල සෑදී ජීවින් සෑදේ.

කුඩාම අංශු අපි ශක්තිය ලෙස හඳුන්වමු. උදා:ආලොකයේ ඇති ශක්ති ෆෝටෝන
එම කුඩාම අංශු ගැන අපි භෞතික විද්‍යාව යටතේ හදාරමු.

විශාල අංශු (ඉලෙක්ට්‍රොන,ප්‍රෝටෝන,නියුට්‍රෝන වැනි) ගැන රසායන විද්‍යාව යටතේ හදාරමු.

සෛල හා ජීවීන් ගැන ජීව විද්‍යාව යටතේ හදාරමු.


මින් භෞතික විද්‍යාව ගැන දිගහැරුමයි මේ.