Sunday, February 7, 2016

පරිපූරක භෞතික රාශි

තල කෝණය  -  රේඩියන්  -  rad
ඝන කෝණය  -  ස්ටෙරේඩියන්  -  sr

1. තල කෝණය  හා ඝන කෝණය  අතර වෙනස මොකද්ද?
තල කෝණය යනු එකම තලයේ පවතින එකිනෙක ඡෙදනය වන සරල රේඛා 2ක් අතර කෝණයයි. නමුත් ඝන කෝණය පවතින්නේ ත්‍රිමාණ අවකාශයක් තුලය.

2. ස්ටෙරේඩියන් “Sr” මෙහෙම ලියුවොත් වැරදිද?
වැරදියි. “Sr”ලෙස ලියුවොත් ඒ ස්ට්‍රොන්චියම් යන මුලද්‍රව්‍යයයි. ඒ නිසා ලිවිය යුත්තේ “sr” ලෙසයි.

3.රේඩියන් එකක් කියන්නෙ මොකද්ද?
වෘත්තයක අරයට සමාන දිගක් පරිධිය මත සලකුණු කල විට එමගින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණයයි.


4. ස්ටෙරේඩියන් එකක් කියන්නෙ මොකද්ද?
ගෝලයක අරයට සමාන පාදයක දිගක් සහිත සමචතුරස්‍රයක් ගෝල පෘෂ්ටය මත සලකුණු කල විට එමගින් ගෝල කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණයයි.

දන්න දේවල් හරියටම දැනගන්න අප හා එක්වන්න.

No comments:

Post a Comment