Sunday, February 7, 2016

මිනුමක් යනු කුමක්ද?
විශාලත්වයක් හා ඒකකයක් පවතින ඕනෑම භෞතික රාශියකි.

භෞතික රාශි

මූලික භෞතික රාශි
දිග  -  මීටර  -  m                               
කාලය  -  තත්පර  -  s                        
ස්කනධය  -  කිලෝග්රෑම්  -  kg
තාප ගතික උෂ්ණත්වය  -  කෙල්වින්  -  K
විද්‍යුත් ධාරාව  -  ඇම්පියර්  -  A
ද්‍රව්‍ය ප්‍රමාණය  -  මවුල  -  mol
දීප්ත තීව්‍රතාවය  -  කැන්ඩෙලා  -  cd

ඔබටත් මෙවැනි ගැටළු තිබේද?
1.A හා K විතරක් Capital උනේ ඇයි?
A යන්නෙන් කියැවෙන්නේ ඇම්පියර් යන විද්‍යාඥයාගේ නමයි. K යන්නෙන් කියැවෙන්නේ කෙල්වින් සාමිවරයාගේ නමයි. SI ඒකක ක්‍රමයේදී යම් පුද්ගලයෙකුගේ නමක් ඒකකය ලෙස යෙදෙන විට එහි මුල් අකුර Capital කල යුතුය.
උදා: පැස්කල් - Pa

2.කිලෝග්රෑම්(kg) වලට විතරක් මුලට උපසර්ගයක්(kilo-k) දැම්මෙ ඇයි?
SI ඒකක ක්‍රමයේ දී සෑම භෞතික රාශියක්ම අප නිතර බහුලව භාවිත කරන ඒකක වලින් යුක්ත විය යුතු යැයි මතයක් ඇති විය. එම නිසා ස්කන්ධ මැනීමට g ගත යුතුව තිබුන ද වඩාත් බහුලව භාවිත වන kg යොදා ගැනිනි.

3.කැන්ඩෙලා “Cd” මෙහෙම ලිව්වොත් වැරදිද?
වැරදියි. “Cd”ලෙස ලියුවොත් ඒ කැඩ්මියම් යන මුලද්‍රව්‍යයයි. ඒ නිසා ලිවිය යුත්තේ “cd” ලෙසයි.

4.මේවා මූලික උනාට කෝණ මනින්න ක්‍රමයක් නැහැ නේද?

කථාව ඇත්ත. ඒක තේරෙනකොට නැව ගිහිල්ල. ඒ අඩුව පරිපූර්ණය කරන්න පරිපූරක භෞතික රාශි ලෙස හෞතික රාශි 2ක් ඉදිරිපත් වුනා.


දන්න දේවල් හරියටම දැනගන්න අප හා එක්වන්න.

No comments:

Post a Comment